Wednesday, May 26, 2010

අන්තර්ජාලය තුල අසභ්‍ය වචන භාවිතය හෙලාදකිමු..

ඇතැම් මන්දමානසිකත්වයෙන් යුත් මිනිසුන් අන්තර්ජාලය තුල සියල්ලන්ට පෙනෙන සේ අසභ්‍ය වචන භාවිතා කරයි.. විශේෂයෙන් පගේ මේ වටිනා බ්ලොග් අවකාශය තුලද එවන් පහත් මිනිසුන් සිටී.. ඔවුන්ගේ මෙවන් ක්‍රියාකලාප තුලින් ඔවුන් බලාපොරොත්තුවන්නේ කුමක්දැයි අපට ගැටලුවකි.. සමහරවිට එයින් හුදෙක් විකල් වූ මනසකට සියුම් ලදරු ආතල් එකක් ලැබෙනවා ඇති.. එසේත් නැත්නම් ඔවුන්ගේ පවුල් පසුබිම් තුල තිබෙන ගැටලු නිසා ඇති වන මානසික ආතතියෙන් මිදීමට මෙවන් දේ කරනවා විය හැක.. එහෙත් ඔවුන්ගේ එම ක්‍රියාවන් තුලින් අප සමාජයට සිදුවන්නේ ඉමහත් හානියකි..

අප බ්ලොග් අවකාශයට ලිපියක් එක්කරන්නේ අපගේ අදහස් යෝජනා චෝදනා මුලුමහත් ලෝකයම සමග බෙදා හදාගෙන එයට ලැබෙන ප්‍රතිචාර කියවා සතුටු වීමටයි.. කියවන්නාගේ පහසුව තකා නිර්නාමිකව අදහස් එක්කිරීමට අද බොහෝ බ්ලොග් අඩවි තුලින් අවස්ථාව සලසා ඇත.. නමුත් මෙවන් විකල් වූ මනස් ඇති මිනිසුන් එවන් අවස්ථා දුටු විට ඔවුන්ගේ මනස් තුල ඇති පහත් නීච අදම තුච්ච අසභ්‍ය අදහස් ලියා යයි.. ඒවා ලිපියේ කරුණු වලටද කිසිදු අදාලත්වයක් නැත.. මෙයින් වන්නේ වටිනා බ්ලොග් කරුවන්ගේ මානසික තත්වය පහල වැටීමයි.. බ්ලොග් අවකාශයේ ගුණාත්මක බව අඩු වීමයි..

එමනිසා අපිත් මෙවන් පහත් ක්‍රියා කලාප හෙලා දකිමු.. මෙවන් පාහරයින් බ්ලොග් අවකාශයෙන් පන්නා දමමු..

මේ සම්බන්ධව ඔබේ අදහස කුමක්ද..??

1 comment:

  1. එක එක සමාජ මට්ටම් වල ඉන්න මන්ද මානසිකත්ව තියෙන අය ඉන්නවනෙ මචො.
    මගේ බ්ලොග් එකට වෙලා තියෙන දේ දකින්න අතිනේ. ඒ කුනුහර්ප ටික මං remove කරනව. මොකද එක අවජාතක මේ වගේ පිස්සො නිසා මගේ බ්ලොග් එක කියවන අනිත් අයට කුනුහර්ප කියවන්න දෙන්න බෑනේ.

    ReplyDelete